Wednesday, December 27, 2017

රණයශාක ප්‍රචාරණය 
ප්‍රජනනය සඳහා ශාක සතු හැකියාවන් උපයෝගී කරගනිමින් වගා කටයුතුවලට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිපදවගැනීම ශාක ප්‍රචාරණය වේ.





ශාක ප්‍රචාරණ ක්‍රම 
ලිංගික ප්‍රචාරණය - බිජ මගින් පැල බෝකර ගැනීම වේ.
අලිංගික ප්‍රචාරණය- ශාකයේ වර්ධක කොටස් මගින් පැල බෝකරගැනීම.

ලිංගික ප්‍රචාරණයේ වාසි / අවාසි

වාසි

විවිධත්වයක් ඇති නව ශාක ලබාගත හැකිවීම.
දෙමුහුම් දිරිය ඇති නව ශාක ලබාගත හැකිවීම.
එක් ශාකයකින් පැල විශාල සංක්‍යාවක් ලබාගත හැකිවීම.
බීජ දිගු කලක් ජීවි තත්වයෙන් ගබඩා කර තබාගත හැකිවීම.

අවාසි
සමාන ලක්ෂණ සහිත ශාක ලබාගත නොහැකිවීම.
බීජ පැලවිම ඒකාකාර නොවීම.
ඵල හට ගැනීමට අධික කාලයක් ගතවීම.


දෙමුහුම් දිරිය යනු

පළමු පරම්පරාව තුල ඇති වැඩි අස්වනු ලබා දීමේ හා වෙනත්

 හිතකර ලක්ෂන ඇති කිරීමේ හැකියාව දෙමුහුම් දිරිය ලෙස

හැඳින්වේ.


අලිංගික ප්‍රචාරණය/ වර්ධක ප්‍රචාරණය
දඩු කැබලි
බල්බ
රෛසෝම
ස්කන්ද අකන්ද
බල්බිල
කෝ
ධාවක
මොරෙයියා










අලිංගික ප්‍රචාරණයේ වාසි / අවාසි

වාසි

·        ශාකයට සමාන ශාක ලබාගත හැකිවීම
·        සමාන ලක්ෂණ සහිත ශාක නිසා ඒකාකාරී වගාවක් ලැබීම.
·        බිජ රහිත ශාක ප්‍රචාරණයට යොදාගත හැකිවීම.
·        සාපේක්ෂව අඩු කාලයකින් ඵල හට ගැනීම.
·        ශාක කුඩාවීම.

අවාසි
·        ඵල දරන කාලය අඩුවීම
·        අහිතකර පරිසර තත්වවලදී විනාශවීමේ හැකියාව.
·        නව ලක්ෂණ සහිත ශාක බිහිනොවිම.

·        සමහර වර්ධක ප්‍රචාරණ ක්‍රමවලින් එක් ශාකයකින් ලබාගත හැකි නව ශාක ප්‍රමාණය අඩුවිම.








Wednesday, November 15, 2017

ශ්‍රී ලංකාවේ කෘෂි දේශගුණික කලාප



කෘෂි - පාරිසරික කලාප

ස්වභාවික භෞතික ලක්ෂණයක් වන දේශගුණය, පස, භුවිෂමතාවය සමඟ භුමි භාවිතයේ විවිධත්වය එකිනෙකට සුසංයෝජනය වූ විට ඇති වන සමාකාර පරිසර ලක්ෂණ වලින් යුත් ප්‍රදේශයක් කෘෂි-පාරිසරික කලාපයක් ලෙස හැඳීන්වේ.මෙම එක් කලාපයක් තුල භෝග වගාවට බලපාන පාරිසරික සාධක සමාකාර වේ.
එබැවින් මුළු කලාපයටම වලංගු වන පරිදි භෝග නිර්දේශ ඉදිරිපත් කිරීමද, තිරසාර සංවර්ධනයක් සඳහා කළමනාකරණ උපෝයමර්ගයන් නිර්දේශ කිරීමද කල හැක.


ශ්‍රී ලංකාවේ දේශගුණික කලාපකරණයේ විකාශනය

1960 දශකයට පෙර -  ප්‍රධාන දේශගුණික කලාප දෙකකට බෙදා තිබීම. ප්‍රධාන සාධකය ලෙස වර්ෂාපතනය යොදාගෙන ඇත.
1.      වියළි කලාපය (වාර්ෂික වර්ෂාපතනය 75” ට අඩු)
මෙම කලාපය තුල වාර්ෂික වර්ෂාපතනය 50” ට අඩු ප්‍රදේශ ශුෂ්ක කලාප ලෙස වෙන්කර දක්වා ඇත.
2.      තෙත් කලාපය (වාර්ෂික වර්ෂාපතනය 75” ට වැඩි)

1960 මැද භාගය- කොළොඹ ක්‍රමය යටතේ ඉහත කලාප දෙකට අමතරව අතර මැදි කලාපයක් හඳුනාගැනීම.
වාර්ෂික වර්ෂාපතනය මූලිකවත් සුලභ පස් කාණ්ඩය,භුමි භාවිතය, උච්චත්වය, ස්වභාවික වෘක්ෂලතාවල ස්වාභාවය සහ නිරිතදිග මෝසම් වර්ෂාවේ සක්‍රිය දායකත්වය ප්‍රයෝජනයට ගෙන ඇත.
1.      තෙත් කලාපය- වාර්ෂික වර්ෂාපතනය මි.මි. 2500 ට වැඩි
    සුලභ පස් කාණ්ඩය රතු කහ පොදිසොලික් පස
    නිරිත දිග මෝසම් වැසි සක්‍රියව ලැබේ.

2.      අතරමැදි කලාපය - වාර්ෂික වර්ෂාපතනය මි.මි.1750- 2500 අතර
සුලභ පස් කාණ්ඩය රතු කහ පොදිසොලික්, රතු දුඹුරු සහ රතු දුඹුරු ලැටසොලික්  පස්.
    නිරිත දිග මෝසම් වැසි වල දායකත්වය ඉතා සුළු වශයෙනි.

3.      වියළි කලාපය- වාර්ෂික වර්ෂාපතනය මි.මි.1750 අඩු
සුලභ පස් කාණ්ඩය  රතු දුඹුරු පස් සහ චුඋර්ණමය නොවන    දුඹුරු පස්, රතු කහ  ලැටසොලික්  පස්, ලවණ සහිත පස්.       
    නිරිත දිග මෝසම් වැසි නොලැබෙන අතර එම සුළං ප්‍රවාහය වියළි උණුසුම් සුළඟක් ලෙස මෙම ප්‍රදේශය හරහා හමායයි. ඊශානදිග මෝසම් වැසි ප්‍රදේශය අනුව විවිධ ප්‍රමාණවලින් මෙම කලාපය තුල බලපවත්වයි.

                
මෙම සිතියම සඳහා දේශගුණික සාධක අතුරින් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ වර්ෂාපතනය පමණි. නමුත් භෝග වගාවට විශේෂයෙන්ම වැවිලි භෝග සඳහා උෂ්ණත්වයද සීමකාරි වේ. පතන සිඝ්‍රතාවයට අනුව වායුගෝලයේ සිරස් අතට යනවිට උෂ්ණත්වය අඩුවේ.

කෘෂි දේශගුණික කලාප සිතියම නිර්මාණය කිරීම.
වර්ෂාව මත පදනම් වූ තෙත් , අතරමැදි, සහ වියළි ලෙස කලාප 3 න් සමන්විත සිතියමත් උච්චත්වය මත පදනම් වූ පහත රට, මැද රට, සහ උඩරට යන කලාප 3න් සමන්විත සිතියමත් එකිනෙක සම්පාත කිරීමෙන් කෘෂි දේශගුණික කලාප සිතියම නිර්මාණය කිරීම.
ඒ යටතේ ශ්‍රී ලංකාව තුල කෘෂි දේශගුණික කලාප 7ක් හඳුනා ගෙන ඇත.

තෙත් කලාපය:        පහත රට තෙත් කලාපය
මැදරට තෙත් කලාපය
උඩරට තෙත් කලාපය

අතරමැදි කලාපය: පහතරට අතරමැදි කලාපය
මැදරට අතරමැදි කලාපය
උඩරට අතරමැදි කලාපය

වියළි කලාපය:         පහතරට වියළි කලාපය

1970 මුල් භාගය - කෘෂි දේශගුණික කලාපයක් තුල පරිසරය සමාකාර නොවන බව හඳුනා ගැනීම. කෘෂි පාරිසරික සංකල්පය හඳුන්වාදීම.

1975 දී - ශ්‍රී ලංකාවේ මුල්ම කෘෂි-පාරිසරික කලාප සිතියම හඳුන්වා දීම. පානබොක්කේ සහ කන්නන්ගර විසින් මෙම සිතියම හඳුන්වා දෙන ලදී. ප්‍රධාන වශයෙන් 75% සම්භාවිතා මට්ටමේදී මාසික වර්ෂාපතනය, පස් වර්ගය, භූ විෂමතාවය, භුමි භාවිතය සහ  උච්චත්වය  සලකා ඇත. එමගින් කෘෂි පාරිසරික කලාප 24ක් හඳුනාගෙන ඇත. තෙත් කලාපය තුල  10ක්ද, අතරමැදි කලාපය තුල 9ක්ද, වියළි කලාපය තුල 5ක්ද පිහිටා ඇත.

2003 දී-  1975දි  නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ කෘෂි  පාරිසරික කලාප සිතියම නැවත සංශෝධනය කිරීම. එම නව සිතියමට අනුව තෙත් කලාපය තුල උප කලාප 15ක් ද අතරමැදි කලාපය තුල උප කලාප 20ක්ද වියළි කලාපය තුල උප කලාප 11ක්ද හඳුනාගෙන ඇත.
මෙම සිතියමේ සෑම කලාපයකම ඉංග්‍රීසි අකුරු 3න් හා එක් අංකයකින් සමන්විත සංඛ්තයකින් හඳුන්වා ඇත (උදා: WL1a).


(උපුටා ගැනීම: කෘෂි දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය  හා කෘෂි- පාරිසරික කලාප ග්‍රන්ථයෙනි.)